Ultimate magazine theme for WordPress.

Watch : නවාස් අන්ත අසරණ කළ මතීෂගේ සුපිරි පන්දුව

පාකිස්තානය  සමග පැවැති තෙවැනි T 20I තරගයෙන් ලකුණු 14 ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා රාත්‍රියේ සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12 කට සීමා කෙරුණු අතර, පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට ලබා ගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් පමණයි.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 34 කට කඩුලු දෙකක් දවා ගත්තා.