Ultimate magazine theme for WordPress.

Watch : නබීගේ පුතා නබීගේ පළමු පන්දුවටම ගහපු හයේ පහර මෙන්න

ක්‍රිකට් ක්‍රීඩාවේදී පිය පුතු සබඳතා පිළිබඳව අසන්නට ලැබුනත් එකම තරගයක් තුල එවැනි අවස්ථාවක් දැකගන්නට ලැබීම ඉතාමත් විරල සිදුවීමක්.

මේ දිනවල ඇෆ්ගනිස්තානයේ පැවැත්වෙන shpageeza cricket league පන්දුවාර විස්සයි 20 තරගාවලිය යටතේ අද (22) පැවති තරගයකදී ක්‍රිකට් පිටියේ ඒ සුවිශේෂී අවස්ථාව දැකගන්නට පුලුවන් වුනා.

එහිදී MIS Anik Region කණ්ඩා‍යම නියෝජනය කරමින් ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩක මොහොමඩ් නබී ක්‍රීඩා කල අතර, ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩා‍යම වු AMO Region කණ්ඩා‍යම නියෝජනය කරමින් ඔහුගේ 18 හැවිරිදි පුත් හසන් එසකිල් ක්‍රීඩා කලා.

එහිදී හසන් එසකිල් පිතිකරණයේ නියැලෙමින් සිටියදී සිය පියා නබී යොමු කල පළමු පන්දුවටම දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට සමත්වුනා.

මෙය ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් සිදුවීමක් බවටද පත්වුනා.

මෙම තරගයේදී හසන් එසකිල් පන්දු 36 කට මුහුණ දෙමින් ලකුනු 52 ක් වාර්තා කලා. ඒ හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 5 ක් ද සමගයි.