Ultimate magazine theme for WordPress.

Watch : ධවාන් අන්ත අසරණ වූ සුපිරි යෝකර් පන්දුව මෙන්න

හිටපු ක්‍රිකට් තරු පිරිවරාගෙන මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන World Championship of Legends පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේදී India Champions කණ්ඩා‍යම සහ South Africa Champions කණ්ඩා‍යම අතර පැවති තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී හිටපු සුපිරි පිතිකරු ශිකර් ධවාන් හට Hardus Viljoen විසින් යොමු කරන ලද සුපිරි යෝකර් පන්දුවකට මුහුණ දීමට සිදු වුණා.

කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ මෙම යෝකර් පන්දුව හමුවේ තම කඩුල්ල බේරා ගැනීමට කිසිඳු අවස්ථාවක් ශිකර් ධවාන් හට ලැබුණේ නැහැ.

පන්දු 4 කට මුහුණ දී සිටි ඔහු එක් ලකුණක් පමණක් ලබා සිටියදී එලෙසින් දැවී ගියා.