Ultimate magazine theme for WordPress.

Watch : දුනිත්ගේ පන්දුවකට ජොෂ් ඉන්ග්ලිස් ගොදුරු වූ හැටි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ඔස්ට්‍රේලියානු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස අනර්ඝ පන්දුවක් යොමු කරමින් ජොෂ් ඉන්ග්ලිස් දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ අද(14) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 281 ක් ලබා ගත්තා.

පිළිතුරු ඔස්ට්‍රේලියානු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ඉන්ග්ලිස් දැවී ගියේ දුනිත්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනුයි. ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22 ක්.