Ultimate magazine theme for WordPress.

Watch : දින 224 කට පසු ජාත්‍යන්තර පිටියට ආ කෝලි ලකුණු නොලබාම දැවී ගිය හැටි

කලකට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි විරාත් කෝලිට අද ලකුණු නොලබා දැවී යාමට සිදු වුණා.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදීයි ඔහු පන්දු 8කදී ලකුණු බින්දුවකට දැවී ගියේ.

මිචෙල් ස්ටක් යොමු කළ පන්දුවකට Cooper Connolly අතට උඩ පන්දුවක් ලබා දෙමින් කෝලි දැවී ගියා.

කෝලි අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ පසුගිය මාර්තු 9 වැනිදායි. ඒ අනුව ඔහු දින 224 කට පසුවයි අද දිනයේදී යළි ජාත්‍යන්තර පිටියට පිවිසුණේ.

පර්ත්හීදී පැවැත්වෙන මෙම තරගයට වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 26 කට සීමා කෙරුණා.