Ultimate magazine theme for WordPress.

Watch : දකුණු අප්‍රිකාවේ පළමු කඩුලු දෙක පන්දු 3 ක් තුළ දැවී ගිය හැටි

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(27) ඩර්බන්හීදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.

තරගයේ තෙවැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී අසිත ප්‍රනාන්දු විසින් පළමු කඩුල්ල ලෙස ඒඩ්න් මාක්‍රම් ලකුණු 9 කට දවා ගැනීමට සමත් වූ අතර, සිව්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ටෝනි ද සෝර්සි දැවී ගියා. සෝර්සි ලකුණු 4 ක් ලබා සිටියදී එලෙස දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ.

ස්ලිප් ක්‍රීඩකයින් අතට උඩ පන්දු ලබා දීමෙනුයි ඔවුන් දෙදෙනාම දැවී ගියේ. (දර්ශන පහතින්)