Ultimate magazine theme for WordPress.

Watch : ඩු ප්ලෙසිස් තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන Major League Cricket 2025 විස්සයි විස්ස තරගාවලියෙදී අග්‍රගණ්‍ය උඩ පන්දු රැක ගැනීමක් වාර්තා කිරීමට 40 හැවිරිදි ෆෆ් ඩු ප්ලෙසිස් සමත්වුණා.

අද (14) කැලිෆෝනියා හී පැවති තරගයකදී Mi New York කණ්ඩා‍යම නියෝජනය කරන මයිකල් බේස්වෙල් විසින් ලබාදුන් උඩ පන්දුවක් Texas Super Kings කණ්ඩා‍යම නියෝජනය කරන ෆෆ් ඩු ප්ලෙසිස් විසින් මේ ආකාරයෙන් උඩු ගුවනේ දී විශිෂ්ට අන්දමින් රැක ගැනීමටයි සමත් වුණේ.

මෙම තරගයේදී Texas Super Kings කණ්ඩා‍යම ප්‍රථමෙන් පන්දුවට පහර දී ලකුණු 185 ක් රැස් කළ අතර එම ඉලක්කය හඹා ගිය MI New York කණ්ඩා‍යමට නියමිත පන්දුවාර 20 තුළ රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුනු 182 ක් පමණයි.

ඒ අනුව ඩු ප්ලෙසිස් නායකත්වය දරන Texas Super Kings කණ්ඩා‍යමට ලකුණු 3 ක තියුණු ජයග්‍රහනයක් හිමිවුණා.