Watch : කඩුල්ලෙනුත් පිටිපස්සට ගිහිං සධීර ගහපු අමුතු පහර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරනු ලබන SLC T20 League තරගාවලියේ අවසන් තරගය අද(16) කොළඹ SSC ක්‍රීඩා පිටියේදී ආරම්භ වුනා.
SLC Grey සහ SLC Greens කණ්ඩායම් අතරයි මෙම තරගය පැවැත්වෙන්නේ.
මෙම තරගයේදී SLC Greens කණ්ඩායම නියෝජනය කරමින් සදීර සමරවික්‍රම එල්ල කළ අමුතුම පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත්වුණා.
ඉනිමේ 19 වන පන්දුවාරයේදී බිනුර ප්‍රනාන්දු වේගය අඩාල කරමින් යොමු කළ පන්දුවකටයි කඩුල්ලටත් පිටුපසට ගොස් ඔහු මෙම පහර එල්ල කළේ.
ඒ මොහෝතේදී තරග විස්තර විචාරකයන්ගේ අදහස වූයේ තමන් මෙවැන්නැක් දුටු පළමු අවස්ථාව මෙය බවටයි.
සදීර සමරවික්‍රම නොදැවී ලකුනු 49(29) ක් රැස්කලා. කමිඳු මෙන්ඩිස් නොදැවී පන්දු 23 කදී ලකුනු 42 යි. අනර්ඝ ඉනිමක නිරත වු කුසල් මෙන්ඩිස් පන්දු 47 කදී ලකුනු 77 ක් රැස්කීරීමට සමත්වුනා. ඒ අනුව SLC Greens කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කල ලකුනු සංඛ්‍යාව 189 ක්
— cric sl (@cricslvideo) August 16, 2025