Ultimate magazine theme for WordPress.

Watch : ඊයේ IPL ඉතිහාසය වෙනස් කළ ග්‍රීන් අද බින්දුවට දැවී යයි

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(17) ඇඩිලේඩ්හීදී ආරම්භ වුණා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ස්ටීවන් ස්මිත්ට අවසන් මොහොතේදී මෙම තරගය අහිමි වූ අතර, ඒ අනුව උස්මාන් කවාජාට යළි ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමේ අවස්ථාවක් හිමි වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. පළමු කඩුලු 4 ලකුණු 94 ක් තුළ බිද වැටුණා.

එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ ඊයේ දිනයේදී 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී වාර්තාගත මිලකට අලෙවි වූ ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් වෙතයි.

ඔහුට මෙම ඉනිමේදී සාර්ථක වීමට නොහැකි වූ අතර, මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම ග්‍රීන් ලකුණු නොලබා දැවී ගියා. (දර්ශන පහතින්)

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී කැමරන් ග්‍රීන් ඉන්දීය රුපියල් කෝටි 25.20 ක මිලකට අලෙවි වුණා. එය IPL වෙන්දේසි ඉතිහාසයේදී විදෙස් ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම වටිනාකමයි.