Watch : ඉන්දියාව අනතුරට ඇදදමමින් ෂුබ්මන් ගිල් කඩුල්ලටම නිදැල්ලේ යැවූ පන්දුව

නවසීලන්තය සමග පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ලකුණු 147 ජයග්‍රාහී ඉලක්කයක් හිමිව තිබෙනවා.
ඒ, මුම්බායිහි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වන අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තයේ සියලු දෙනා ලකුණු 174 කට දැවී යාමත් සමගයි.
පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකින් ගැළවීමේ අරමුණින් ඉන්දීය පිතිකරුවන් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි නමුත්, ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 29 ක් තුළ බිද වැටුණා.
එහිදී ෂුබ්මන් ගිල්ගේ දැවී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා. අජාස් පටෙල් යොමු කළ පන්දුවක් ඔහු නිදැල්ලේ යැවීමට කටයුතු කළ අතර, එම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ෂුබ්මන් ගිල් දැවී ගියේ.
Shubman Gill castled by Ajaz Patel. 🤯 pic.twitter.com/CTyxs8r0DN
— Praveen kumar (@Naninaidu98) November 3, 2024