Watch : ඉතාලියට සුපිරි ජයක් ගෙන දුන් ක්‍රිෂාන්ගේ කඩුලු 3 මෙන්න
ලෝක කුසලානයට පෙර අද පැවැති පුහුණු තරගයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරදා ලකුණු 112 ක සුපිරි ජයක් වාර්තා කිරීමට ඉතාලි කණ්ඩායම සමත් වුණා.
චෙන්නායිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉතාලිය කඩුලු 7 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබියට පන්දුවාර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 81 ක් පමණයි.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඉතාලියේ ක්‍රිෂාන් කලුගමගේ ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත්තා. (දර්ශන පහතින්)
— cric sl (@cricslvideo) February 6, 2026