Watch : ඇෆ්ඝන් ඉනිමේ පළමු පන්දුවෙන්ම සහන් දවා ගත් කඩුල්ල

ඕමානයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ඇෆ්ඝනිස්තාන A ඉනිමේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායමේ සහන් ආරච්චිගේ අද(27) සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 133 ක්.
ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 15 ක් තුළ දැවී ගිය පසුබිමක සහන් ආරච්චිගේ පන්දු 47 කින් නොදැවී ලකුණු 64 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.
අනතුරුව පන්දුවට පහර දීමට පිවිසි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියේ සහන් ආරච්චිගේගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.
දර්ශන පහතින් –
First ball wicket.💥
What a start for Sri Lanka 'A'!@OfficialSLC #MensEmergingTeamsAsiaCup #ACC pic.twitter.com/ezwmp1Uusd— AsianCricketCouncil (@ACCMedia1) October 27, 2024