Watch : අසිතගෙන් එංගලන්තයේදී සුපිරි පන්දු යැවීමක්
එංගලන්ත ප්රාන්ත සිව්දින ක්රිකට් තරගාවලිය (County Championship Division Two) යටතේ Northamptonshire හා Glamorgan කණ්ඩායම් අතර ඊයේ(16) ආරම්භ වූ තරගයේදී පන්දු යැවීමේදී විශිෂ්ඨ දක්ෂතාවයක් ප්රදර්ශනය කිරීමට Glamorgan වේග පන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දු සමත් වුණා.
Cardiff හීදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් Northamptonshire කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 185 ක් රැස් කළා.
එහිදී අසිත පන්දුවාර 11.2 ක් යොමු කරමින් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 28 ක් ලබා දෙමින්.
අසිත බිද හෙලූ කඩුලු 3 හා ඔහු යොමු කළ විශිෂ්ඨ පන්දුවකට අදාළ දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) May 17, 2025
What was that from Asitha Fernando?! 😳#GLAMvNOR#OhGlammyGlammy pic.twitter.com/NUEhaATkpA
— Glamorgan Cricket 🏆 (@GlamCricket) May 16, 2025
