Watch : අවිශ්ක රැක ගත් අනර්ඝ උඩ පන්දු 3

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දු කිහිපයක් රැක ගැනීමට අවිශ්ක ප්‍රනාන්දු අද(17) සමත් වුණා.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 47 කට සීමා කෙරුණු අතර, නවසීලන්තය පන්දුවාර 45.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 209 ක් පමණයි.
එහිදී මාර්ක් චැප්මන්, ග්ලේන් පිලිප්ස් හා මයිකල් බ්‍රේස්වෙල් දවා ගැනීම සදහායි අවිශ්ක ප්‍රනාන්දු විසින් අනර්ඝ උඩ පන්දු 3ක් රැක ගත්තේ.
— cric sl (@cricslvideo) November 17, 2024