Ultimate magazine theme for WordPress.

Watch : අවසන් පූර්ව තරගයේදී දුෂාන් බිද හෙලූ කඩුලු 4

ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ද විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත අද(25) සමත් වුණා.

මෙම අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ පාකිස්තාන ශහීන්ස් කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 135 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

එහිදී දුෂාන් හේමන්ත කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 21 ක් පමණක් ලබා දෙමින්. (දර්ශන පහතින්)

මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන්නේ ද ඔහුයි. දුෂාන් මෙවර තරගාවලියේ දී තරග 4ක් තුළ දී දවා ගෙන ඇති කඩුලු ගණන 14 ක්.