Watch : අවසන් පන්දුවට වෝක්ස් ගහපු සුපිරි හයේ පහරින් ටයිටන්ස් Eliminator ජය ගත් හැටි
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගයෙන් Rangpur Riders පරදා අවසන් පන්දුවේදී කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට Sylhet Titans කණ්ඩායම සමත් වුණා.
Titans කණ්ඩායම තරගය ජය ගැනීම සදහා ලකුණු 112 ක ඉලක්කයක් හඹා ගිය අතර, තරගයේ අවසන් පන්දුවට ඔවුන්ට ජයග්‍රහනය සදහා ලකුණු හයක් ලබා ගැනීමට අවශ්‍ය වුණා.
එම අවස්ථාවේදී පන්දුවට පහර දෙමින් සිටියේ සිය මංගල BPL තරගය ක්‍රීඩා කරන එංගලන්තයේ ක්‍රිස් වෝක්ස්.
අවසන් පන්දුවාරය ෆහීම් අශ්රෆ් විසින් යොමු කළ අතර, ඔහු යොමු කළ අවසන් පන්දුවට වෝක්ස් විසින් අනර්ඝ හයේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දුන්නා.
Sylhet Titans take the win! 💥 what a performance. What a moment.
BASHUNDHARA CEMENT BPL 2026, POWERED BY WALTON LIFT#BPL2026 pic.twitter.com/TL4Q1UZExP
— Bangladesh Cricket (@BCBtigers) January 20, 2026