Watch : අවසන් තරගයේදී ඉන්දියාව අසරණ වෙයි – සූර්යවංශිට දුන්න චාන්ස් එක විසි කරපු හැටි මෙන්න
යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ඩුබායිහීදී ආරම්භ වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 8 ක් දැවී ලකුණු 347 ක් රැස් කළා. එහිදී Sameer Minhas ලකුණු 172 ක් ලබා ගත්තේ පන්දු 113 කින්. හයේ පහර 9ක් හා හතරේ පහර 17 ක් ඔහුගේ සුපිරි ඉනිම වර්ණවත් කළා.
පිළිතුරු ඉන්දීය යොවුන් ඉනිම ආරම්භ කළේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන විභව් සූර්යවංශි විසින්. ඔහු පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් පාකිස්තානයට ප්‍රබල පීඩනයක් එල්ල කළා. පළමු පන්දුවාරයට ඉන්දියාව ලකුණු 21 ක් රැස් කිරීම කැපී පෙනුණා.
දෙවැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ඔහු ලබා දුන් උඩ පන්දුවක් Ali Raza අතින් ගිලිහී ගියේ පාකිස්තාන හදවත් මොහොතකට නතර කරමින්.
කෙසේ වෙතත්, ඉන් පන්දුවාර කිහිපයකට පසුව Ali Raza විසින්ම සූර්යවංශිගේ කඩුල්ල දවා ගත්තේ පාකිස්තානයට සැනසුම් සුසුමක් හෙළිමට අවස්ථාව උදා කරමින්. එම අවස්ථාවේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර යම් උණුසුම් තත්ත්වයක් ද ඇති වන ආකාරය දැක ගත හැකි වුණා.
ඉන්දියාව පන්දුවාර 10 ක් අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 68 ක්.
උඩ පන්දුව ගිලිහී ගිය ආකාරය හා දැවී ගිය ආකාරය ඇතුළත් දර්ශන කිහිපයක් පහතින් –
— cric sl (@cricslvideo) December 21, 2025
— cric sl (@cricslvideo) December 21, 2025
— cric sl (@cricslvideo) December 21, 2025