Watch : අර්ෂ්දීප් නට නටා ලංකාවට ගොඩ බැස්ස හැටි මෙන්න
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරගය ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක් කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයට ලබා දී තිබූ ආකාරය දැක ගත හැකි වුණා.
සාම්ප්‍රදායික නර්තන විශේෂාංගවලින් ඉන්දීය කණ්ඩායම ගුවන් තොටුපොලේදී පිළිගත් අතර, එහිදී අර්ෂ්දීප් සිං ද නර්තනයක නිරත වෙමින් බස් රථය දක්වා ගමන් කිරීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා. (දර්ශණ පහතින්)
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය හෙට(15) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
GRAND WELCOME FOR DEFENDING CHAMPIONS INDIA IN SRI LANKA..!!! 😍 pic.twitter.com/3PIfbGIxsT
— Johns. (@CricCrazyJohns) February 13, 2026
VIDEO | Sri Lanka: Pacer Arshdeep Singh joins Sri Lankan dancers stationed to welcome the team in a traditional fashion. Team India arrived in Colombo ahead of the India–Pakistan T20 World Cup clash. Head coach Gautam Gambhir led the contingent out of the airport, while batter… pic.twitter.com/w8HxsReuF2
— Press Trust of India (@PTI_News) February 13, 2026