Ultimate magazine theme for WordPress.

T20 World Cup : සුදුසුකම් ලැබූ රටවල් ගණන 17 ක් දක්වා ඉහළට

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ රටවල් ගණන මේ වන විට 17 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, සිම්බාබ්වේහීදී පැවැත්වෙන අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය හරහා සිම්බාබ්වේ හා නැමීබියාව ද ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමත් සමගයි.

ඔවුන් පිළිවෙලින් අවසන් පූර්ව වටයේදී කෙන්යාව හා ටැන්සානියාව පරදා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

අප්‍රිකානු කලාපයෙන් දකුණු අප්‍රිකාව ද ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට මීට පෙර සමත් වුණා.

ඉන්දියාවේදී හා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 2026 ලෝක කුසලානයට රටවල් 20 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියට සුදුසුකම් ලබන අවසන් රටවල් 3 තෝරා ගන්නේ ඔක්තෝබර් මාසයේදී ඕමානයේදී පැවැත්වීමට නියමිත ආසියා – නැගෙනහිර-ආසියා පැසිෆික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හරහායි.

මෙතෙක් සුදුසුකම් ලබා ඇති රටවල් :

  • සත්කාරක රටවල් ලෙස – India, Sri Lanka,
  • 2024 T20 ලෝක කුසලාන තරගාවලියේ ඉහළම ස්ථාන 7 දිනා ගත් රටවල් (සත්කාරක රටවල් හැර)  – Afghanistan, Australia, Bangladesh, England, South Africa, United States, West Indies,
  • ශ්‍රේණිගත කිරීම් අනුව – Ireland, New Zealand, Pakistan,
  • කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි හරහා – Canada, Italy, Netherlands, Namibia, Zimbabwe