T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නිවේදනය කෙරේ
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිල වශයෙන් නිවේදනය කළා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, ධනංජය ද සිල්වා සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔහු වෙනුවට කමිදු මෙන්ඩිස් සංචිතයට ආදේශ කර තිබෙනවා. කමිදු මේ දිනවල එංගලන්තයට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය සඳහා ද නම් කර නැහැ.
ඊයේ එංගලන්තයට එරෙහි දෙවැනි විස්සයි 20 තරගයේදී වම් උරහිසේ ආබාධයකට ලක් වූ ඒෂාන් මාලිංග ද මෙම සංචිතයට ඇතුළත්.
කෙසේ වෙතත්, ඔහු වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දීමට නියමිතව ඇති අතර, වාර්තා වන අන්දමට ඔහුට සති හයකට ආසන්න කාලයක් විවේක ගැනීමට සිදු වනවා.
එසේ වුවහොත් අයි.සී.සී අනුමැතියට යටත්ව ඉදිරියේදී ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇති.
ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 7 වැනිදා ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ එළඹෙන 8 වැනිදා අයර්ලන්තයට එරෙහිවයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එම තරගය පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී B ඛාණ්ඩයෙන් තරග වදිනවා. එහිදී ඔවුන්ගේ අනෙක් ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියාව, ඕමානය, සිම්බබ්වේ යන රටවල්.
The squad
1) Dasun Shanaka – Captain
2) Pathum Nissanka
3) Kamil Mishara
4) Kusal Mendis
5) Kamindu Mendis
6) Kusal Janith Perera
7) Charith Asalanka
8) Janith Liyanage
9) Pavan Rathnayake
10) Wanindu Hasaranga
11) Dunith Wellalage
12) Maheesh Theekshana
13) Dushmantha Chameera
14) Matheesha Pathirana
15) Eshan Malinga