Ultimate magazine theme for WordPress.

T 20 ලෝක කුසලානයට ඉන්දීය සංචිතය නම් කෙරේ; ධවාන් ඉවතට

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(8) ප්‍රකාශයට පත් කෙරුණා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

නිමා වූ ශ්‍රී ලංකා සංචාරයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ ශිකර් ධවාන් මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

සූර්යකුමාර් යාදෙව් හා ඉෂාන් කිෂන් සංචිතයේ ස්ථාන හිමි කර ගෙන ඇති අතර, රාහුල් චහාර් හා වරුන් චක්‍රවර්තී ද සංචිතයට නම් කර තිබෙනවා.

රවිචන්ද්‍රන් අශ්වින් ද ලෝක කුසලාන සංචිතයට ඇතුළත්. යුස්වේන්ද්‍ර චහෙල්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

මේ අතර, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වන අතර, තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 24 වනදා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය සංචිතය –

Virat Kohli (Capt), Rohit Sharma (vc), KL Rahul, Suryakumar Yadav, Rishabh Pant (wk), Ishan Kishan (wk), Hardik Pandya, Ravindra Jadeja, Rahul Chahar, Ravichandran Ashwin, Axar Patel, Varun Chakravarthy, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Mohd Shami.

Standby players – Shreyas Iyer, Shardul Thakur, Deepak Chahar.

 

 

 

Leave a comment