Ultimate magazine theme for WordPress.

ටේලර්, ග්‍රෑන්ඩ්හෝම් ලෝක කුසලානයෙන් ඉවත් කරමින් නවසීලන්ත සංචිතය නම් කෙරේ

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්තය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන රෝස් ටේලර් හා තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් මෙම සංචිතයට නම් නොකිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

සංචිතය සදහා දග පන්දු යවන්නන් තිදෙනෙකු නම් කර තිබෙනවා.

එනම්, මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝධි හා ටොඩ් ඇස්ට්ල් යන ක්‍රීඩකයින්.

ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති, ලුකී ෆර්ගියුසන් හා ක්යිල් ජමිසන් යන ක්‍රීඩකයින් ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්.

ඩැරල් මිචෙල් හා ජේම්ස් නීෂම් ද තුන් ඉරියව් වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිනවා.

ඇඩම් මිල්න් සංචිතයේ 16 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් පමණක් ආදේශ කිරීම සදහායි.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව නවසීලන්ත කණ්ඩායම ඉන්දීය සංචාරයක ද නිරත වීමට නියමිතයි.

එහිදී ඔවුන් 20යි 20 තරග 3කට ක්‍රීඩා කරන අතර, එම තරගාවලිය සදහා ද 20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ සංචිතයම ක්‍රීඩා කරනු ඇති.

ටෙස්ට් තරග දෙකක් ද එම සංචාරයට ඇතුළත්ව ඇතත්, ඊට අදාළ සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

නවසීලන්ත කණ්ඩායම ලබන 23 වනදා බංග්ලාදේශ තරග සංචාරයක් ආරම්භ කරමින් සිය රටෙන් පිටත්ව යන අතර, 20යි 20 තරග 5ක් ඇතුළත් එම සංචාරයේ දී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ටොම් ලේතම් විසිනුයි.

20යි 20 ලෝක කුසලානයට නම් කළ කිසිදු ක්‍රීඩකයෙකු එම සංචාරයට ඇතුළත්ව නැහැ.

බංග්ලාදේශ තරග සංචාරය නිමා කිරීමෙන් පසුව නවසීලන්ත කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වන්නේ 20යි 20 තරග 5ක් හා එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි.

NZ squad for ICC T20 World Cup and India T20s :

Kane Williamson (c), Todd Astle, Trent Boult, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Martin Guptill, Kyle Jamieson, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Mitchell Santner, Tim Seifert (wk), Ish Sodhi, Tim Southee , Adam Milne (injury cover)

NZ squad for Bangladesh T20s & Pakistan ODIs :

Tom Latham (c) (wk), Finn Allen, Hamish Bennett , Tom Blundell (wk), Doug Bracewell, Colin de Grandhomme, Jacob Duffy, Matt Henry (ODI only), Scott Kuggeleijn, Cole McConchie, Henry Nicholls, Ajaz Patel, Rachin Ravindra, Ben Sears (T20 only), Blair Tickner, Will Young

NZ squad for Pakistan T20s :

Tom Latham (c) (wk), Finn Allen, Todd Astle, Hamish Bennett, Tom Blundell (wk), Mark Chapman, Colin de Grandhomme, Martin Guptill, Matt Henry, Daryl Mitchell, Ajaz Patel, Ish Sodhi, Ben Sears, Blair Tickner, Will Young

NZ winter fixtures :

Bangladesh – Five T20 Internationals

Pakistan – Three ODIs and five T20 Internationals

ICC T20 World Cup – Group 1 (India, Pakistan, Afghanistan + two more teams to be added)

India – Three T20 Internationals and two Tests

Leave a comment