SA20 : බ්රේවිස් වෙන්දේසි ඉතිහාසය වෙනස් කරද්දී ශ්රී ලංකා ක්රීඩකයිකන් දෙදෙනෙකුටත් ලංසු

SA20 ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
මෙහිදී ශ්රී ලංකා ක්රීඩකයින් දෙදෙනකු වන ඒෂාන් මාලිංග හා විශේන් හලඹගේ Paarl Royals කණ්ඩායම වෙනුවෙන් මිලදී ගැනීම විශේෂත්වයක්.
මාලිංග රැන්ඩ් මිලියනයකට එනම්, ශ්රී ලංකා රුපියල් කෝටි 1.7 ක මුදලකටයි රෝයල්ස් කණ්ඩායමට අලෙවි වුණේ.
හලඹගේට හිමි වූ වටිනාකම රැන්ඩ් ලක්ෂ දෙකක්. එනම් රුපියල් ලක්ෂ 34 ක්.
කුසල් පෙරේරා හා බිනුර ප්රනාන්දු වෙන්දේසියට ඉදිරිපත් වූ නමුත්, ඔවුන්ව කිසිදු කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ.
මේ අතර, මෙම වෙන්දේසියේදී දකුණු අප්රිකාවේ ඩිවාල්ඩ් බ්රේවිස් රැන්ඩ් මිලියන 16.5 ක මිලකට, එනම් රුපියල් කෝටි 28.6 ක මිලකට Pretoria Capitals කණ්ඩායම විසින් මිලදී ගත්තා.
එය SA20 වෙන්දේසි ඉතිහාසයේදී ක්රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකමයි.
දකුණු අප්රිකා T20 නායක හා දෙවරක් Sunrisers Eastern Cape කණ්ඩායම ශූරතාවය සදහා මෙහෙය වූ ඒඩ්න් මාක්රම් රැන්ඩ් මිලියන 14 කට එනම්, රුපියල් කෝටි 24 කට Durban’s Super Giants කණ්ඩායම විසින් මිලදී ගැනීම ද විශේෂත්වයක්.