Ultimate magazine theme for WordPress.

Road Safety තරගාවලිය අද ඇරඹේ – සංචිත, කාලසටහන සහ සජීවී විකාශය පිළිබද තොරතුරු මෙන්න

Road Safety World Series 2021 තරගාවලිය අද (5) ආරම්භ වනවා.

තරගාවලියේ පළමු තරගය රාත්‍රී 7ට ආරම්භ වන්නේ India Legends සහ Bangladesh Legends කණ්ඩායම් අතරයි.

මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පමණක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන්.

ඒ අනුව එම අදියරේ ඉතිරි තරග අද සිට එළඹෙන 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ දී Sri Lanka Legends, India Legends, Australia Legends, South Africa Legends සහ West Indies Legends යනුවෙන් කණ්ඩායම් 5ක් තරගාවලියට එක් වූ නමුත්, මෙවර තරගාවලියට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගී වන්නේ නැහැ.

ඒ අනුව ඔවුන් වෙනුවට බංග්ලාදේශ සහ එංගලන්ත කණ්ඩායම් මෙවර තරගාවලිය සදහා එක් කර තිබෙනවා.

ඉන්දියාවේ රායිපූර්හී දී තරගාවලිය පැවැත්වෙන අතර, එහි සජීවී විකාශය ජාතික රූපවාහී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

එමෙන්ම COLORS Cineplex, COLORS Kannada Cinema සහ Rishtey Cineplex යන නාලික තුළින් ද තරගාවලිය විකාශය කිරීමට නියමිතයි.

ප්‍රකාශයට පත් කෙරුණු සංචිත සහ තරග කාලසටහන –

Sri Lanka Legends:

Upul Tharanga, Chamara Silva, Chinthaka Jayasinghe, Thilan Thushara, Nuwan Kulasekara, Russel Arnold, Ajantha Mendis, Farveez Maharoof, Sanath Jayasuriya, Manjula Prasad, Malinda Warnapura, Dammika Prasad, Rangana Herath, Chamara Kapugedra, Tillakratne Dilshan, Dulanjana Wijesinghe.

ALSO READ : කපුගෙදර තරගාවලියෙන් ඉවත් වෙයි

Bangladesh Legends:

Khaled Mahmud, Mohammed Sharif, Mushfiqur Rahman, A N M Mamun Ur Rashed, Nafees Iqbal, Mohammad Rafique, Abdur Razzak, Khaled Mashud, Hannan Sarker, Javed Omar, Rajin Saleh, Mehrab Hossain, Aftab Ahmed, Alamgir Kabir.

India Legends:

Sachin Tendulkar, Virender Sehwag, Yuvraj Singh, Mohammed Kaif, Yusuf Pathan, Naman Ojha, Zaheer Khan, Pragyan Ojha, Noel David, Munaf Patel, Irfan Pathan, Manpreet Gony.

South Africa Legends:

Morne Van Wyk, Alviro Petersen, Nicky Boje, Andrew Puttick, Thandi Tshabalala, Loots Bosman, Llyod Norris Jones, Zander de Bruyn, Monde Zondeki, Garnett Kruger, Roger Telemachus, Jonty Rhodes, Makhaya Ntini, Justin Kemp.

West Indies Legends:

Brian Lara, Dinanath Ramnarine, Adam Sanford, Carl Hooper, Dwayne Smith, Ryan Austin, William Perkins, Mahendra Nagamootoo, Pedro Collins, Ridley Jacobs, Narsingh Deonarine, Tino Best, Sulieman Benn.

England Legends:

Kevin Pietersen, Owais Shah, Philip Mustard, Monty Panesar, Nick Compton, Kabir Ali, Usman Afzaal, Matthew Hoggard, James Tindall, Chris Tremlett, Sajid Mahmood, James Tredwell, Chris Schoefield, Johnathan Trott, Ryan Sidebottom.

තරග කාලසටහන :

March 5: India Legends vs Bangladesh Legends

March 6: Sri Lanka Legends vs West Indies Legends

March 7: England Legends vs Bangladesh Legends

March 8: South Africa Legends vs Sri Lanka Legends

March 9: India Legends vs England Legends

March 10: Bangladesh Legends vs Sri Lanka Legends

March 11: England Legends vs South Africa Legends

March 12: Bangladesh Legends vs West Indies Legends

March 13: India Legends vs South Africa Legends

March 14: Sri Lanka Legends vs England Legends

March 15: South Africa Legends vs Bangladesh Legends

March 16: England Legends vs West Indies Legends

March 17: Semi-final 1

March 19: Semi-final 2

March 21: Final

You might also like
logo