RCB 4 වැනි වරටත් අවසන් මහා තරගයට

සිව්වැනි වරටත් ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අද(29) සමත් වුණා.
ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.
මුල්ලන්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම පන්දුවාර 14.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 101 ක් පමණයි.
මර්කස් ස්ටොයිනිස් ලකුණු 26 ක් ලබා ගත් අතර, ප්රබ්සිම්රන් සිං හා අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 18 බැගින් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ජොෂ් හේසල්වුඩ් හා සුයාෂ් ෂර්මා කඩුලු 3 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ RCB පිල පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළා.
විරාත් කෝලි ලකුණු 12 කට දැවී ගිය අතර, මයාන්ක් අගාර්වල් ලකුණු 19 යි. පිල් සෝල්ට් නොදැවී ලකුණු 56ක් පන්දු 27 කින් වාර්තා කළ අතර, රාජත් පටිදර් නොදැවී ලකුණු 15 යි.
අවසන් වටයේ දෙවැනි තරගය හෙට (30) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.