Rangpur Riders ප්‍රධාන පුහුණුකරු ධූරය මිකී ආතර්ට

Rangpur Riders කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 26 වැනිදා ආරම්භ වන Global Super League තරගාවලියේ දී ඔහු එම කණ්ඩායමේ පුහුණුකරු ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද මිකී ආතර් රන්ග්පූර් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
මීට පෙර ඔහු දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා පාකිස්තානය යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, මෑතකදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Dambulla Aura කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.
මිකී ආතර් මේ වන විට Derbyshire කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනවා.
මීට පෙර 2015 BPL තරගාවලියේ දී Dhaka Dynamites කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කර තිබුණා