Pretoria Capitals පිලට නව නායකයෙක්
එළඹෙන SA20 තරගාවලිය සදහා Pretoria Capitals කණ්ඩායමේ නායකයා ලෙස කේෂාව් මහරාජ් පත් කර තිබෙනවා.
ඔහු පසුගිය වසරේදී Durban Super Giants කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර, Capitals කණ්ඩායමේ නායකයා වූ රයිලී රොසෝව් වෙනුවටයි එළඹෙන තරග වාරයේදී මහරාජ් එම කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ.
රොසෝව් Pretoria Capitals කණ්ඩායමෙන් නිදහස් කිරීමට තීරණය කෙරුණු අතර, වෙන්දේසියේදී ඔහුව Jo’burg Super Kings කණ්ඩායම විසින් රැන්ඩ් 500,000 ක මුදලකට මිලදී ගත්තා.
Capitals කණ්ඩායම විසින් රැන්ඩ් මිලියන 1.7 මුදලකටයි කේෂාව් මහරාජ්ව මිලදී ගත්තේ.