NZ v SL : වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කෙරේ – මාලිංගත් සංචිතයට

නවසීලන්ත තරග සංචාරයට ඇතුළත් තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(23) දහවල් නිවේදනය කළා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්. සංචිතයට ඒෂාන් මාලිංග ද ඇතුළත් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඒෂාන් මාලිංග පසුගිය මාසයේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 1.2 කට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ද මිලදී ගත්තා. ඔහුට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ද මේ වන විට උදා වී ඇත්තේ ඔහු සමග Paarl Royals කණ්ඩායම ගිවිසුම්ගත වීමත් සමගයි.
ඒෂාන් මාලිංගට අමතරව නුවනිදු ප්‍රනාන්දු හා ලහිරු කුමාර ද එක්දින සංචිතයට කැදවා තිබෙනවා.
නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර හා ඒෂාන් මාලිංග නවසීලන්තය සමග පසුගිය මාසයේදී මෙරටදී පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගය සදහා වන සංචිතයට පමණක් ඇතුළත් කර සිටි අතර, ඒ අතරින් ලහිරු උදාරට නවසීලන්ත සංචාරය අහිමි වී තිබෙනවා.
කුසල් ජනිත් පෙරේරා හා සධීර සමරවික්‍රම එක්දින සංචිතයෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. නිශාන් මදුෂ්ක මෙන්ම නවසීලන්තයට එරෙහි විස්සයි 20 සංචිතයට ඇතුළත් නොවූ දුනිත් වෙල්ලාලගේ එක්දින සංචිතයේ සිය ස්ථාන රැක ගැනීමට සමත්ව තිබෙනවා.
වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට සංචිතයේ ස්ථානයන් හිමිව නැහැ. නවසීලන්ත කණ්ඩායම පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරය සදහා වූ ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත්ව සිටි නමුත්, ආබාධයක් හේතුවෙන් තරගාවලිය අහිමි වූ වනිදු හසරංග වෙනුවට සංචිතයට ආදේශ කෙරුණු දුෂාන් හේමන්ත ද අද නම් කෙරුණු සංචිතයට ඇතුළත්ව නැහැ. ආබාධයෙන් සුවය ලැබූ වනිදු එක්දින සංචිතයට නම් කර තිබෙනවා.
තරග සංචාරයට විස්සයි 20 තරග 3 ක් හා එක්දින තරග 3ක් ඇතුළත්. විස්සයි 20 තරගාවලිය දෙසැම්බර් 28 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජනවාරි 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
සංචාරයට එක්වන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතයේ ක්‍රීඩකයින් මේ වන විට නවසීලන්තයේ රැදී සිටින අතර, ඔවුන් අද දිනයේදී පුහුණු තරග දෙකකට ද එක් වුණා. පළමු පුහුණු තරගය විස්සයි 20 තරගයක් ලෙස පැවැති අතර, එම තරගයෙන් කඩුලු හතක ජයක් හිමි කර ගත් ශ්‍රී ලංකාව, පන්දුවාර 10 ක තරගයක් ලෙස පැවැති දෙවැනි පුහුණු තරගයෙන් ලකුණු 32 ක ජයක් හිමි කර ගත්තා.
The Squad
1. Charith Asalanka – Captain
2. Pathum Nissanka
3. Avishka Fernando
4. Nishan Madushka
5. Kusal Mendis
6. Kamindu Mendis
7. Janith Liyanage
8. Nuwanidu Fernando
9. Dunith Wellalage
10. Wanindu Hasaranga
11. Maheesh Theekshana
12. Jeffrey Vandersay
13. Chamidu Wickramasinghe
14. Asitha Fernando
15. Mohamed Shiraz
16. Lahiru Kumara
17. Eshan Malinga
Schedule :
- December 28: 1st T20I, Tauranga (11:45 am SLST)
- December 30: 2nd T20I, Tauranga (11:45 am SLST)
- January 2: 3rd T20I, Nelson (5:45am SLST)
- January 5: 1st ODI, Wellington (3:30am SLST)
- January 8: 2nd ODI, Hamilton (6:30am SLST)
- January 11: 3rd ODI, Auckland (6:30am SLST)