Ultimate magazine theme for WordPress.

Northern Superchargers කණ්ඩායමේ සියලු කොටස් සන්රයිසස් හිමිකරුවන් මිලදී ගනියි

මෙතෙක් යෝක්ෂයර් ප්‍රාන්තයේ පාලනයේ පැවැති Northern Superchargers කණ්ඩායමේ කොටස් මිලදී ගැනීමට Sun Group සමත්ව තිබෙනවා.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකරුවන් වන ඔවුන් Superchargers කණ්ඩායමේ කොටස් 100% ක් මිලදී ගැනීමට එකගතාවයකට එළඹ තිබීම විශේෂත්වයක්.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් ආයතනය සතු වූ Northern Superchargers කණ්ඩායමේ 49% ක කොටස් ප්‍රමාණය හා යෝක්ෂයර් ප්‍රාන්තය සතු වූ 51% ක කොටස් ප්‍රමාණය මිලදී ගනිමින් එම කණ්ඩායමේ සම්පූර්ණ කොටස් මිලදී ගැනීමට Sun Group සමත්ව තිබෙනවා.

එලෙස සියලු කොටස් මිලදී ගැනීමක් හන්ඩ්‍රඩ් තරගාවලියේ කණ්ඩායම් වෙන්දේසියේදී වාර්තා වූයේ පළමු වරටයි.

පවුම් මිලියන 100 ක ලංසු මුදලක් ඉදිරිපත් කරමින් Sun Group විසින් මෙම කොටස් මිලදී ගැනීම සිදු කර තිබෙනවා.