Ultimate magazine theme for WordPress.

MLC 2025 : මතීෂ, ජයසූරිය, හෙඩ්, කමින්ස්, රබාඩා හා මිලර් නිදහස් කෙරේ

ඇමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් එළඹෙන තරග වාරය වෙනුවෙන් සිය සංචිතයේ රදවා ගත් හා නිදහස් කළ ක්‍රීඩකයින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මතීෂ පතිරණ, ශෙහාන් ජයසූරිය, ට්‍රැවිස් හෙඩ්, පැට් කමින්ස්, කාගිසෝ රබාඩා හා ඩේවිඩ් මිලර් වැනි ක්‍රීඩකයින් ද සංචිතවලින් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගියවර ශූරතාවය දිනූ Washington Freedom කණ්ඩායම වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් මෙවර රදවා ගෙන තිබෙනවා. ඔවුන් ක්‍රීඩකයින් 15 දෙනෙකු රදවා ගෙන ඇති නමුත්, ට්‍රැවිස් හෙඩ් රදවා ගැනීමට කටයුතු කර නැහැ. අකීල් හොසෙයින් හා ඇන්ඩෘ ටයි ද සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

2024 අදියරේ අනුශූරයින් වන San Francisco Unicorns කණ්ඩායම කමින්ස්, මැට් හෙන්රි හා ජොෂ් ඉන්ග්ලිස් යන ක්‍රීඩකයින් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Seattle Orcas කණ්ඩායම විසින් රදවා ගෙන ඇත්තේ ක්‍රීඩකයින් 7 දෙනෙකු පමණයි. ඔවුන් විසින් ක්වෙන්ටන් ඩී කොක්, මයිකල් බ්‍රේස්වෙල්, ඔබෙඩ් මැකෝයි හා නන්ඩ්‍රි බර්ගර් වැනි විදෙස් ක්‍රීඩකයින් නිදහස් කර තිබෙනවා. දේශීය ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ශෙහාන් ජයසූරිය ද Seattle Orcas කණ්ඩායම රදවා ගැනීමට පියවර ගෙන නැහැ.

LA Knight Riders විසින් මිලර්, ජේසන් රෝයි, ශකිබ් අල් හසාන් හා ඇඩම් සම්පා වැනි ක්‍රීඩකයින් නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, රබාඩා හා අන්රික් නොකියා මෙන්ම ටිම් ඩේවිඩ් හා ඩිවාල්ඩ් බ්‍රේවිස් සංචිතයෙන් නිදහස් කිරීමට MI New York කණ්ඩායම තීරණය කර තිබෙනවා.

Texas Super Kings කණ්ඩායම නිදහස් කළ ක්‍රීඩකයින් අතරට මතීෂ පතිරණ, මිචෙල් සැන්ට්නර්, ඩැරල් මිචෙල් හා නවීන් උල් හක් වැනි ක්‍රීඩකයින් ඇතුළත්.

2025 තරගාවලිය වෙනුවෙන් වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) පෙබරවාරි 19 වැනිදා සිදු කිරීමට නියමිතයි.

List of players retained for MLC 2025

LA Knight Riders: Ali Khan, Adithya Ganesh, Unmukt Chand, Nitish Kumar, Corne Dry, Saif Badar, Shadley van Schalkwyk, Matthew Tromp, Spencer Johnson, Andre Russell, Sunil Narine

MI New York: Ehsan Adil, Nosthush Kenjige, Monank Patel, Heath Richards, Rushil Ugarkar, Sunny Patel, Kieron Pollard, Nicholas Pooran, Rashid Khan, Trent Boult

San Francisco Unicorns: Corey Anderson, Hassan Khan, Liam Plunkett, Carmi Le Roux, Brody Couch, Karima Gore, Juanoy Drysdale, Sanjay Krishnamurthi, Haris Rauf, Finn Allen, Jake Fraser-McGurk, Matthew Short

Seattle Orcas: Harmeet Singh, Cameron Gannon, Ali Sheikh, Ayan Desai, Aaron Jones, Heinrich Klaasen, Ryan Rickelton

Texas Super Kings: Joshua Tromp, Calvin Savage, Milind Kumar, Mohammad Mohsin, Zia-ul-Haq, Saiteja Mukkamalla, Faf du Plessis, Devon Conway, Noor Ahmad, Marcus Stoinis

Washington Freedom: Andries Gous, Mukhtar Ahmed, Obus Pienaar, Saurabh Netravalkar, Ian Holland, Amila Aponso, Justin Dill, Lahiru Milantha, Yasir Mohammad, Marco Jansen, Glenn Maxwell, Lockie Ferguson, Rachin Ravindra, Steven Smith, Jack Edwards