Ultimate magazine theme for WordPress.

LPL Final : කාසියේ වාසිය දඹුල්ලට ; වනිදු අවසන් තරගයෙන් ඉවතට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඊයේ තරගයේ දී ආබාධයකට ලක් වූ මහනුවර කණ්ඩායමේ නායක වනිදු හසරංගට අවසන් මහා තරගය අහිමි වී තිබෙනවා.

ඔහුට අමතරව සහන් ආරච්චිගේ හා තනුක දාබරේ ද අද තරගයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ කමිදු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර හා නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින්.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් හසන් අලී වෙනුවට ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට කැදවා තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Dambulla Aura XI:

Avishka Fernando, Kusal Mendis (wk/c), Sadeera Samarawickrama, Kusal Perera, Dhananjaya de Silva, Alex Ross, Hayden Kerr, Dushan Hemantha, Binura Fernando, Noor Ahmad, Pramod Madushan

B-Love Kandy XI:

Mohammad Haris, Dinesh Chandimal (wk), Ashen Bandara, Angelo Mathews (c), Kamindu Mendis, Chaturanga de Silva, Asif Ali, Lahiru Madushanka, Mohammad Hasnain, Mujeeb Ur Rahman, Nuwan Pradeep

Leave a comment