Ultimate magazine theme for WordPress.

LPL පස්වැනි අදියර ගැන ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක්

ලංකා  ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(10) නිවේදනය කළා.

ඒ අනුව https://srilankacricket.lk/lpl-player-registration-portal යන වෙබ් ලිපිනයට පිවිස විදෙස් ක්‍රීඩකයින්ට තම නම ලියාපදිංචි කිරීම සිදු කළ හැකියි.

capped හා uncapped හෙවත් ජාත්‍යන්තර වරම් දිනූ හා දිනා නොමැති යන කාණ්ඩ යටතේ ක්‍රීඩකයින්ට ලියාපදිංචි විය හැකි බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

විදෙස් ක්‍රීඩකයින්ට අමතරව ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින්ට ද ඉහත වෙබ් ලිපිනය ඔස්සේම LPL තරගාවලිය සදහා ලියාපදිංචි විය හැකියි.

අප්‍රේල් 26 වැනිදා දහවල් 12 දක්වා මෙලෙස ක්‍රීඩකයින්ට ලියාපදිංචි කිරීම සිදු කළ හැකි බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 5 වැනි අදියර ජූලි පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මාධ්‍ය නිවේදනය පහතින් –

Player registration for the LPL 2024 commences

Sri Lanka Cricket wishes to announce that the ‘Overseas Player Registration’ for the 5th edition of the Lanka Premier League 2024 has now commenced.

The overseas players who wish to take part in the upcoming edition can now register themselves by visiting the registration portal at https://srilankacricket.lk/lpl-playerregistration-portal/, under two categories: capped and uncapped.

Capped Players

A player is considered ‘capped’ if he has featured in the starting XI of a minimum of one senior match for his country, either in Test, ODI, or T20i formats.

Uncapped Players

A player who has not represented his country but has played first-class cricket at home or T20 cricket in a franchise league sanctioned by a full or associate member of the International Cricket Council (ICC) will be considered an “uncapped player.’

Ex-Sri Lanka players

While ex-Sri Lanka cricketers who still play competitive T20 franchise cricket in a franchise league sanctioned by a full or associate member of the International Cricket Council (ICC) can also register themselves via the given portal, Players can register their names via the registration portal by visiting https://srilankacricket.lk/lpl-player-registration-portal/ on or before 12.00 p.m. (IST) on April 26, 2024.

The 5th edition of the Lanka Premier League 2024, Sri Lanka’s top-most domestic T20 tournament with an international flavor, will be held from July 1st to 21st

Leave a comment