Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියේ දින යළිත් සංශෝදනය කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දින යළි සංශෝදනය කර තිබෙනවා.

ඒ අනුව ලබන 27 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ තරගාවලිය ඊට එක් දිනකට පෙර, එනම් ලබන 26 වනදා ආරම්භ වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලිය දෙසැම්බර් 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මීට පෙර තරගාලිය දෙසැම්බර් 17 වනදා දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

මෙවර පළමුවරට පැවැත්වෙන තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී පමණක් ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය අගෝස්තු 28 වනදා ආරම්භ කිරීමට පළමුව තීරණය කර තිබූ අතර, පසුව නොවැම්බර් 14 වනදා දක්වාත්, අනතුරුව 21 වනදා දක්වාත් කල් දැමුණා.

පසුගිය 5 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණේ තරගාවලිය 27 වනදා දක්වා කල් දැමීමටයි.

මේ අතර, සංශෝදිත නව තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශයට පත් කළා.

නව තරග කාලසටහන සදහා මෙතන ක්ලික් කරන්න

Leave a comment