Ultimate magazine theme for WordPress.

LPL සංශෝදිත නව කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංශෝදින නව කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටියේ.

දෙසැම්බර් 16 වනදා දක්වා පැවැත්වෙන තරගාවලියේ සියලු තරග හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

සමාරම්භක උත්සවය ලබන 26 වනදා පස්වරු 3.30ට පැවැත්වෙන අතර, පළමු තරගය එදිනම පස්වරු 7.30 ට පැවැත්වෙනු ඇති.

ඒ, කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතරයි.

මීට පෙර පළමු තරගය ලබන 21 වනදා පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතරයි.

මූලික වටයේ තරග දෙසැම්බර් 11 වනදා අවසන් වන අතර, අවසන් පූර්ව තරග දෙක 13 වනදා සහ 14 වනදා පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය දෙසැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත නමුත්, ඒ සදහා අමතර දිනයක් යොදා නැහැ.

මීට පෙර පැවැති තරග කාලසටහට අනුව අවසන් තරගය සදහා අමතර දිනයක් ද යොදා තිබුණා.

මේ අතර, නොවැම්බර් 27 වනදා සහ දෙසැම්බර් 4 වනදා පැවැත්වෙන තරග දෙක පමණක් රාත්‍රී 8.00 ට ආරම්භ වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

නව කාලසටහන පහතින් –

Leave a comment