Lanka T10 Super League : කණ්ඩායම් හයේ නම් නිවේදනය කෙරේ

Lanka T10 Super League ක්‍රිකට් තරගාවලියට තරග වදින කණ්ඩායම් හයේ නම් හා ලාංඡන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(1) නිවේදනය කළා.
ඒ අනුව, Colombo Strikers, Galle Marvels, Jaffna Titans, Kandy Bolts, Hambantota Bangla Tigers හා Negombo Braves යන කණ්ඩායම් තරගාවලියට එක්වීමට නියමිතයි. (ලාංඡන පහතින්)
පළමු වරට සංවිධාන කරන Lanka T10 Super League ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Draft) එළඹෙන 10 වැනිදා කොළඹ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.