Ultimate magazine theme for WordPress.

IPL 2026 වෙන්දේසිය අද – සියලු තොරතුරු මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (16) පැවැත්වෙනවා. වෙන්දේසිය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2:30 ට ආරම්භ වීමට නියමිතයි.

අබුඩාබිහීදී (Etihad Arena) පැවැත්වීමට නියමිත වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 350 දෙනෙකු ඉදිරිපත් කෙරෙන බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

ඒ අතරට ඉන්දීය ක්‍රීඩකයින් 240 දෙනෙකු ද, විදෙස් ක්‍රීඩකයින් 110 දෙනෙකු ද ඇතුළත්.

වෙන්දේසියේදී ක්‍රීඩකයින් 77 දෙනෙකු මිලදී ගැනීමට නියමිත අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 31 දෙනෙකු ද ඇතුළත් වනු ඇති.

ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් සියලු කණ්ඩායම් වෙත ඉතිරිව ඇති මුදලේ එකතුව සටහන්ව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 237.55 ක් ලෙසයි.

ඒ ඒ කණ්ඩායම් විසින් මිලදී ගැනීමට නියමිත ක්‍රීඩකයින් ප්‍රමාණය –

  • CSK: 9 (4 overseas)
  • Delhi Capitals 8 (5 overseas)
  • Gujarat Titans: 5 (4 overseas)
  • Kolkata Knight Riders: 13 (6 overseas)
  • Lucknow Super Giants: 6 (4 overseas)
  • Mumbai Indians: 5 (1 overseas)
  • Punjab Kings: 4 (2 overseas)
  • Rajasthan Royals: 9 (1 overseas)
  • Royal Challengers Bengaluru: 8 (2 overseas)
  • Sunrisers Hyderabad: 10 (2 overseas)

ඒ ඒ කණ්ඩායම් සදහා ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය (ඉන්දීය රුපියල්) –

  • Kolkata Knight Riders – Rs 64.30
  • Chennai Super Kings – Rs 43.40
  • Sunrisers Hyderabad – Rs 25.50
  • Lucknow Super Giants – Rs 22.95
  • Delhi Capitals – Rs 21.80
  • Royal Challengers Bengaluru – Rs 16.40
  • Rajasthan Royals – Rs 16.05
  • Gujarat Titans – Rs 12.90
  • Punjab Kings – Rs 11.50

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඔවුන්ගේ මූලික වටිනාකම් – (ඉන්දීය රුපියල්)

වනිදු හසරංග – කෝටි 2
මතීෂ පතිරණ – කෝටි 2
මහීෂ් තීක්ෂණ – කෝටි 2
පැතුම් නිස්සංක – ලක්ෂ 75
දසුන් ශානක – ලක්ෂ 75
කුසල් මෙන්ඩිස් – ලක්ෂ 75
කුසල් පෙරේරා – කෝටි 1
විජයකාන්ත් වියස්කාන්ත් – ලක්ෂ 75
චරිත් අසලංක – කෝටි 1
දුනිත් වෙල්ලාලගේ – ලක්ෂ 75
ට්‍රෙවීන් මැතිව් – ලක්ෂ 30
බිනුර ප්‍රනාන්දු – ලක්ෂ 75