වෙන්දේසියෙන් පසු සකස් වූ මහේලගේ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් සංචිතය මෙන්න

දෙදිනක් පුරා පැවැති 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සෞදි අරාබියේ Jeddah හීදී සදුදා (25) රාත්‍රියේ අවසන් වුණේ ක්‍රීඩකයින් 182 දෙනෙකු කණ්ඩායම් 10 අතරේ අලෙවි වෙමින්.
එක් කණ්ඩායමක සංචිතයකට උපරිම වශයෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකු මිලදී ගැනීමට (රදවා ගත් ක්‍රීඩකයින් ද ඇතුළුව) අවස්ථාව පැවැති අතර, මෙවර වෙන්දේසිය අවසන් වන විට කණ්ඩායම් 3 ක් පමණක් එම උපරිම ක්‍රීඩකයින් ප්‍රමාණය කණ්ඩායමට මිලදී ගෙන තිබුණා.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සමග ක්‍රීඩකයින් 25 ක්, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සමග ක්‍රීඩකයින් 25 ක් හා පංජාබ් කිංග්ස් කණ්ඩායම විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු සමග ක්‍රීඩකයින් 25 ක් සිය සංචිතවලට මිලදී ගෙන තිබෙනවා.
සන්රයිසස් හයිදරාබාද් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් මිලදී ගෙන ඇත්තේ ක්‍රීඩකයින් 20 දෙනෙකු බැගින් පමණයි.
මෙම ලිපියෙන් අප අවදානය යොමු කරන්නේ විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු සමග ක්‍රීඩකයින් 23 දෙනෙකු මිලදී ගෙන ඇති මුම්බායි ඉන්දියන්ස් සංචිතය පිළිබදවයි. මෙවර වෙන්දේසියට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩකයින් 5 දෙනෙකු සිය සංචිතයේ රදවා ගත් අතර, වෙන්දේසියේදී RTM අවස්ථාව උපයෝගී කර ගනිමින් නාමන් ධීර් මිලදි ගැනීමට ද ඔවුන්ට හැකි වුණා. ඊට අමතරව වෙන්දේසියේදී ඔවුන් මිලදී ගත් ක්‍රීඩකයින් ගණන 17 ක්.
2025 අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස යළි කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක හා මුම්බායි කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධනයි. ඉරිදා හා සදුදා පැවැති ක්‍රීඩක වෙන්දේසිය සදහා ද මහේල ජයවර්ධන එක්ව සිටින අයුරු දැක ගත හැකි වුණා.
මුම්බායි ඉන්දියන්ස් සංචිතය – (මිල ගණන් : ඉන්දීය රුපියල්)
Retained Players :
- Jasprit Bumrah – 18 Crore
- Suryakumar Yadav – 16.35 Crore
- Hardik Pandya – 16.35 Crore
- Rohit Sharma – 16.3 Crore
- Tilak Varma – 8 Crore
Bought:
- Trent Boult (Overseas) – ₹12.5 Crore
- Deepak Chahar – ₹9.25 Crore
- Will Jacks (Overseas) – ₹5.25 Crore
- Naman Dhir (RTM) – ₹5.25 Crore
- Allah Ghazanfar (Overseas) – ₹4.80 Crore
- Mitchell Santner (Overseas) – ₹2 Crore
- Ryan Rickelton (Overseas) – ₹1 Crore
- Lizaad Williams (Overseas) – ₹75 Lakh
- Reece Topley (Overseas) – ₹75 Lakh
- Robin Minz – ₹65 Lakh
- Karn Sharma – ₹50 Lakh
- Vignesh Puthur – ₹30 Lakh
- Arjun Tendulkar – ₹30 Lakh
- Bevan John Jacobs (Overseas) – ₹30 Lakh
- Venkata Satyanarayana Penmetsa – ₹30 Lakh
- Raj Angad Bawa – ₹30 Lakh
- Shrijith Krishnan – ₹30 Lakh
- Ashwani Kumar – ₹30 Lakh
Pick your 4 overseas picks 👇🏻👇🏻👇🏻
(credit to owner) pic.twitter.com/tqy1R6gv5C— Mumbai Indians FC (@MIPaltanFamily) November 26, 2024
𝐈𝐏𝐋 𝟐𝟎𝟐𝟓 sathi तय्यार 🔥#MumbaiMeriJaan #MumbaiIndians #TATAIPLAuction pic.twitter.com/6j7O2VkVcK
— Mumbai Indians (@mipaltan) November 26, 2024