Ultimate magazine theme for WordPress.

IPL සමග ගැටෙන PSL තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

10 වැනි පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ 2025 තරගාවලිය අප්‍රේල් 11 වැනිදා සිට මැයි 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බවයි.

කණ්ඩායම් හයක් ක්‍රීඩා කරන තරගාවලියට තරග 34 ක් ඇතුළත්. තරග රාවල්පින්ඩි, කරච්චි, මුල්තාන් හා ලාහෝර්හීදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය අප්‍රේල් 11 වැනිදා පැවැත්වෙන්නේ වත්මන් ශූර ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම හා දෙවරක් PSL ශූරතාවය දිනූ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම් අතරයි.

මෙම වසරේ සිට පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අප්‍රේල් හා මැයි මාසවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ අනුව එය IPL තරගාවලියේ තරග කාලසටහන සමග ද ඝට්ටනයකට ලක්වනවා.

මේ අතර, කණ්ඩායම් හයක් සමග පැවැත්වෙන අවසන් PSL තරගාවලිය වන්නේ ද මෙවර තරගාවලියයි. 2026 අදියරේ සිට තරගාවලියට කණ්ඩායම් 8 ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.