Ultimate magazine theme for WordPress.

IPL සූදුවේ නිරත වූ 4ක් බැංගලෝරයේ දී අත්අඩංගුවට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව සූදු ක්‍රීඩාවේ නිරත වූ බව කියන සිව් දෙනෙකු ඉන්දීය මධ්‍යම අපරාධ අංශය (CCB) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බැංගලෝර්හි ස්ථාන 3ක සිදු කළ වැටලීම්වලදීයි.

වැටලීමේ දී ඉන්දීය රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් සොයා ගෙන ඇති අතර, ජංගම දුරකතන 6ක් ද මධ්‍යම අපරාධ අංශ නිළධාරීන් භාරයට ගෙන ඇති බව සදහන්.

මේ අතර, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව බුකීකරුවන් විසින් තරග පාවාදීම සදහා ක්‍රීඩකයෙකු පොලඹවා ගැනීමට දැරූ උත්සාහයක් පිළිබදව ද පසුගියදා අණාවරණය වී තිබුණා.

Leave a comment