Ultimate magazine theme for WordPress.

තරග පාවාදෙන්න IPL ක්‍රීඩකයෙකුට බල කර ඇති බව හෙළි වෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව බුකීකරුවන් විසින් තරග පාවාදීම සදහා ක්‍රීඩකයෙකු පොලඹවා ගැනීමට උත්සාහ දරා ඇති බව අණාවරණය වී තිබෙනවා

ක්‍රීඩකයාගේ නම සහ කණ්ඩායම මෙතක් බළධාරීන් විසින් අණාවරණය කර නෙමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

“ඔව්.(ක්‍රීඩකයෙකු වාර්තා කරලා තියෙනවා මේ පිළිබද)” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන ඒකකයේ ප්‍රධානී අජිත් සිං PTI පුවත් සේවයට සදහන් කළා.

“අපි ඔහුව(පෙළඹවීම සිදු කිරීමට තැත් කළ පුද්ගලයා) ලුහුබදිනවා. ටික කාලයක් යාවි පරීක්ෂණ කටයුතු සදහා”

මෙවර අයි.පී.එල් තරගාවලියේ ද දූෂණ ක්‍රියා මැඩපැවැත්විම වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන ඒකකයේ කණ්ඩායම් කිහිපයක්ම කටයුතු කරමින් සිටින බව සදහන්.

Leave a comment