ICC Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට තවත් තිදෙනෙකු ඇතුළත් කෙරේ

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛනය වන ICC Hall of Fame ලැයිස්තුවට තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
එංගලන්තයේ ඇලස්ටයාර් කුක්, දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩි විලියර්ස් හා ඉන්දීය ක්‍රීඩිකා Neetu David යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස ICC Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව මේ වන විට ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 115 ක්.
ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ඇතුළත්. එනම්, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා අරවින්ද ද සිල්වා යන ක්‍රීඩකයින්.
- Alastair Cook
161 Tests – 12,472 runs at an average of 45.35, one wicket
92 ODIs – 3,204 runs at an average of 36.40
4 T20Is – 61 runs at an average of 15.25
- AB de Villiers
114 Tests – 8,765 runs at an average of 50.66, 2 wickets
228 ODIs – 9,577 runs at an average of 53.50, 7 wickets
78 T20Is – 1,672 runs at an average of 26.12
- Neetu David
10 Tests – 41 wickets at an average of 18.90, 25 runs
97 ODIs – 141 wickets at an average of 16.34, 74 runs