Ultimate magazine theme for WordPress.

ICC සම්මාන සදහා මෙතෙක් නිවේදනය කර ඇති සියලු නිර්දේශිත නාම මෙන්න – ඔබේ මනාපයත් පල කරන්න

2023 වසරට අදාළ අයි.සී.සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

එම සම්මාන දෙක සදහාම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු බැගින් නිර්දේශ කර ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඉන්දියාවේ ෂුබ්මන් ගිල්, මොහමඩ් ෂාමි, විරාත් කෝලි හා නවසීලන්තයේ ඩැරල් මිචෙල් වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

  • Shubman Gill (India) – 1584 runs and 24 catches in 29 matches
  • Mohammed Shami (India) – 43 wickets, 36 runs and 3 catches in 19 matches
  • Virat Kohli (India) – 1377 runs, 1 wicket and 12 catches in 27 matches
  • Daryl Mitchell (New Zealand) – 1204 runs, 9 wickets and 22 catches in 26 matches

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සදහා නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු, ඔස්ට්‍රේලියාවේ Ashleigh Gardner, නවසීලන්තයේ Amelia Kerr හා එංගලන්තයේ Nat Sciver-Brunt.

  • Chamari Athapaththu (Sri Lanka) – 415 runs and 1 wicket in 8 matches
  • Ashleigh Gardner (Australia) – 24 wickets, 188 runs and 6 catches in 13 matches
  • Amelia Kerr (New Zealand) – 541 runs, 8 wickets and 3 catches in 9 matches
  • Nat Sciver-Brunt (England) – 393 runs, 3 wickets and 2 catches in 6 matches

චමරි අතපත්තු අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රීඩිකාව සම්මානය සදහා වන නිර්දේශිත නාම අතරට ද මීට පෙර ඇතුළත් කෙරුණා. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක අයි.සී.සී වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සදහායි නිර්දේශ කෙරුණේ.

2023 වසරේ අයි.සී.සී සම්මානලාභීන්ගේ නම් මෙම මාසය අගදී නිවේදනය කිරීමට නියමිතව තිබෙනවා.

ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ දී ප්‍රේක්ෂකයින්ගේ මනාප ද සැලකිල්ලට ගැනීමට නියමිතයි. ඔබේ මනාපය පල කිරීමට මෙතන ක්ලික් කරන්න.

අයි.සී.සී වසරේ සම්මාන වෙනුවෙන් මෙතෙක් නිවේදනය කර ඇති නිර්දේශිත නාම –

ICC Awards 2023 

  1. ICC Men’s ODI Cricketer of the Year : Shubman Gill (India), Virat Kohli (India), Daryl Mitchell (New Zealand), Mohammed Shami (India)
  2. ICC Women’s ODI Cricketer of the Year: Chamari Athapaththu (Sri Lanka), Ashleigh Gardner (Australia), Amelia Kerr (New Zealand), Nat Sciver-Brunt (England)
  3. ICC Men’s T20I Cricketer of the Year: Mark Chapman (New Zealand), Alpesh Ramjani (Uganda), Sikandar Raza (Zimbabwe), Suryakumar Yadav (India)
  4. ICC Women’s T20I Cricketer of the Year: Chamari Athapaththu (Sri Lanka), Sophie Ecclestone (England), Hayley Matthews (West Indies), Ellyse Perry (Australia)
  5. ICC Emerging Men’s Cricketer of the Year: Gerald Coetzee (South Africa), Yashasvi Jaiswal (India), Dilshan Madushanka (Sri Lanka), Rachin Ravindra (New Zealand)
  6. ICC Emerging Women’s Cricketer of the Year: Marufa Akter (Bangladesh), Lauren Bell (England), Darcey Carter (Scotland), Phoebe Litchfield (Australia)
Leave a comment