ICC වසරේ එක්දින හා T20I ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට හිමි සම්මාන සදහා නිර්දේශිත නාම නිවේදනය කෙරේ
විශේෂත්වය වන්නේ ICC වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත්ව සිටීමයි.

ICC වසරේ එක්දින හා විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩකයාට/ක්‍රීඩිකාවට හිමි සම්මාන සදහා වන නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මේ වන විට නිවේදනය කර තිබෙනවා.
විශේෂත්වය වන්නේ ICC වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත්ව සිටීමයි.
ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් හා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග එලෙස නිර්දේශිත නාම අතරට ඇතුළත් කර තිබෙනවා.
ඇෆ්ඝනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි හා කොදෙව් ක්‍රීඩක ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ද නිර්දේශිත නාම අතරට ඇතුළත්.
නිර්දේශිත නාම –
- Wanindu Hasaranga (Sri Lanka) : 26 wickets at 15.61, economy 5.36, 87 runs at 17.40, strike rate 101.16
- Azmatullah Omarzai (Afghanistan) : 12 innings, 417 runs at 52.12, Strike Rate 105.56, 7 wickets at 20.47, economy 4.90
- Kusal Mendis (Sri Lanka) : 17 innings, 742 runs at 53.00, Strike Rate 90.59
- Sherfane Rutherford (West Indies) : 425 runs at 106.25, average 106.25, strike rate 120.05
මේ අතර, අයි.සී.සී වසරේ පන්දුවාර විස්සයි 20 ක්‍රීඩිකාව සම්මානය සදහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් කර තිබෙනවා.
නිර්දේශිත නාම –
- Chamari Athapaththu (Sri Lanka) : Matches 21, Runs 720, Average 40, Highest Score 119* | 21 wickets, Average 16.8, BBI 4/29
- Melie Kerr (New Zealand) : Matches 18, Runs 387, Average 24.18, Highest Score 44* | Wickets 29, BBI 4/20, Average 15.55
- Laura Wolvaardt (South Africa) | Matches 19, Runs 673, Average 39.58, Highest Score 102
- Orla Prendergast (Ireland) : Matches 18, Runs 544, Average 36.26, Highest Score 80 | Wickets 21, BBI 4/22, Average 12.9
මේ අතර, චමරි අතපත්තු අයි.සී.සී වසරේ එක්දින ක්‍රීඩිකාව සම්මානය සදහා නිර්දේශිත නාම අතරට ද ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
නිර්දේශිත නාම –
- Laura Wolvaardt (South Africa) : 12 innings, 697 runs at 87.12, Strike Rate 87.34
- Chamari Athapaththu (Sri Lanka) : 9 innings, 458 runs at 65.42, Strike Rate 101.10 | 9 wickets at 32.22 economy 4.61
- Smriti Mandhana (India) : 12 innings, 743 runs at 61.91, Strike Rate 96.99 | 1 wicket at 35.00 economy 8.75
- Annabel Sutherland (Australia) : 9 innings, 369 runs at 52.71, Strike Rate 100.27 | 13 wickets at 17.69 economy 4.19
මේ අතර, ICC වසරේ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ද මේ වන විට නිවේදනය කර ඇතත්, ඊට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.
නිර්දේශිත නාම –
- Arshdeep Singh (India) : Matches 18, Wickets 36, Average 13.5, BBI 4/9
- Sikandar Raza (Zimbabwe) : Matches 24, 573 runs, Average 28.65, Highest score 133* | Wickets 24, Average 22.25, BBI 5/18
- Babar Azam (Pakistan) : Matches 24, 738 runs, Average 33.54, Highest Score 75*
- Travis Head (Australia) : Matches 15, 539 runs, Average 38.5, Highest Score 80
මීට පෙර, ICC වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළ අතර, එම සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ද නිර්දේශ කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන තිබුණේ.
ICC සම්මාන සදහා නිර්දේශිත නාම වෙනුවෙන් ප්‍රේක්ෂකයින්ට ද මනාප පල කිරීම සදහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව එම සම්මාන සදහා මනාපය පල කිරීමට මෙතන ක්ලික් කරන්න.