Ultimate magazine theme for WordPress.

ICC වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව නිවේදනය කෙරේ

2023 වසරට අදාළ අයි.සී.සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා.

ඒ, ඇය මෙවර අයි.සී.සී එක්දින හා 20යි 20 කාන්තා කණ්ඩායම්වල නායිකාව ලෙස ද මීට පෙර නම් කෙරුණු පසුබිමකයි.

2023 වසරේ දී චමරි අතපත්තු පිතිකාරිණියක් ලෙසත්, නායිකාවක් ලෙසත් ශ්‍රී ලංකාවට සුවිශේෂි දායකත්වයක් දක්වනු ලැබුවා.

එහිදී නවසීලන්තයට එරෙහිව පළමු වරට ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික තරගාවලි ජයක් හිමි කර දීමට ද චමරි නායකත්වය ලබා දීම කැපී පෙනුණා.

2023 වසරේ දී එක්දින තරග අටක් ක්‍රීඩා කළ චමරි, පිතිකාරිණියක් ලෙස ලකුණු 415 ක් රැස් කිරීමට සමත් වූ අතර, එක් කඩුල්ලක් ද ඇය දවා ගත්තා.

මෙතෙක් නිවේදනය කර ඇති අයි.සී.සී සම්මානලාභීන් ලැයිස්තුව –

  • ICC Men’s Associate Cricketer of the Year 2023
    Bas de Leede
  • ICC Women’s Associate Cricketer of the Year 2023
    Queentor Abel
  • ICC Men’s T20I Cricketer of the Year 2023
    Suryakumar Yadav
  • ICC Women’s T20I Cricketer of the Year 2023
    Hayley Matthews
  • ICC Men’s Emerging Cricketer of the Year 2023
    Rachin Ravindra
  • ICC Women’s Emerging Cricketer of the Year 2023
    Phoebe Litchfield
Leave a comment