Ultimate magazine theme for WordPress.

ICC ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නිවේදනය කෙරේ – එක්දින කණ්ඩායමත් චමරි යටතට

2023 වසරේ අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම හා එක්දින කාන්තා හා පිරිමි කණ්ඩායම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද (23) නිවේදනය කළා.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

පිරිමි එක්දින කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇති ඇත්තේ ඉන්දීය නායක රෝහිත් ෂර්මා. අයි.සී.සී වසරේ කාන්තා 20යි 20 කණ්ඩායමේ නායිකාව ලෙස ඊයේ නම් කෙරුණු ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු අයි.සී.සී වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ ද නායිකාව ලෙස නම් කර තිබෙනවා.

අයි.සී.සී වසරේ ටෙස්ට් කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූර ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත්.

අයි.සී.සී වසරේ පිරිමි එක්දින කණ්ඩායම සදහා ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත්ව සිටීම කැපී පෙනෙනවා.

අයි.සී.සී වසරේ කාන්තා එක්දින කණ්ඩායම සදහා කිසිදු ඉන්දීය ක්‍රීඩිකාවක් නම් කර නැහැ.

ICC Men’s Test Team of the Year 2023

  1. Usman Khawaja (Australia)
  2. Dimuth Karunaratne (Sri Lanka)
  3. Kane Williamson (New Zealand)
  4. Joe Root (England)
  5. Travis Head (Australia)
  6. Ravindra Jadeja (India)
  7. Alex Carey (wk) (Australia)
  8. Pat Cummins (c) (Australia)
  9. Ravichandran Ashwin (India)
  10. Mitchell Starc (Australia)
  11. Stuart Broad (England)

ICC Men’s ODI Team of the Year for 2023

  1. Rohit Sharma (c) (India)
  2. Shubman Gill (India)
  3. Travis Head (Australia)
  4. Virat Kohli (India)
  5. Daryl Mitchell (New Zealand)
  6. Heinrich Klaasen (wk) (South Africa)
  7. Marco Jansen (South Africa)
  8. Adam Zampa (Australia)
  9. Mohammed Siraj (India)
  10. Kuldeep Yadav (India)
  11. Mohammed Shami (India)

ICC Women’s ODI team of the Year for 2023

  1. Phoebe Litchfield (Australia)
  2. Chamari Athapaththu (Sri Lanka)
  3. Ellyse Perry (Australia)
  4. Amelia Kerr (New Zealand)
  5. Beth Mooney (wk) (Australia)
  6. Nat Sciver-Brunt (England)
  7. Ash Gardner (Australia)
  8. Annabel Sutherland (Australia)
  9. Nadine de Klerk (South Africa)
  10. Lea Tahuhu (New Zealand)
  11. Nahida Akter (Bangladesh)
Leave a comment