ICC උප සභාපතිධූරය යළිත් ඉම්රාන් කවාජාට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ උප සභාපතිවරයා ලෙස යළිත් ඉම්රාන් කවාජා පත්ව තිබෙනවා.
ඔහුගේ නව ධූර කාලය දෙසැම්බර් පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් අයි.සී.සී සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ ද එම දිනයේදීයි.
කවාජා පළමු වරට අයි.සී.සී අධ්‍යක්ෂ මණ්ඩලයට (ICC Board) තේරී පත් වුණේ 2008 වසරේදීයි.
ඔහු 2017 වසරේ සිට මේ දක්වා උප සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.