Ultimate magazine theme for WordPress.

CT25 : ප්‍රබලයින් දෙදෙනෙකු නොමැතිව බංග්ලාදේශ සංචිතය නිවේදනය කෙරේ

පාකිස්තානයේදී පෙබරවාරි 19 වැනිදා ආරම්භ වීමට නියමිත ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නිවේදනය කර තිබෙනවා.

කඩුලු රකින ක්‍රීඩක ලිටොන් දාස් හා තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් සංචිතයට නම් නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

ලිටොන් දාස් මෑත කාලයේදී එක්දින ක්‍රිකට් පිටියේදී ලකුණු අතර රැදී නොසිටීම හේතුවෙන් ඔහුව සංචිතයෙන් ඉවත් කර ඇති අතර, සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද තමන් මුහුණ දුන් දෙවැනි පරීක්ෂණයෙන් ද අසමත් වීම හේතුවෙනුයි ශකිබ් අල් හසාන්ට සංචිතයේ ස්ථානයක් අහිමි වී ඇත්තේ.

ශකිබ් හා ලිටොන් හැරුණු විට අෆිෆ් හොසේන්, ශොරිෆුල් ඉස්ලාම් හා හසාන් මහ්මුද් ද සංචිතයට නම් කර නැහැ.

ආබාධයකට ලක්ව සිටි නායක නජ්මුල් හොසේන් ශන්තෝ බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස යළිත් ජාතික කණ්ඩායමට නම් කර ඇති අතර, මුෂ්ෆිකර් රහීම්, තව්හිද් හ්රිදෝයි හා මුස්ටර්ෆිසුර් රහ්මාන් ද සංචිතයට කැදවා තිබෙනවා.

Bangladesh squad for Champions Trophy

Najmul Hossain Shanto (c), Mushfiqur Rahim (wk), Towhid Hridoy, Soumya Sarkar, Tanzid Hasan, Mahmudullah, Jaker Ali, Mehidy Hasan Miraz, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Parvez Hossain, Nasum Ahmed, Tanzim Hasan, Nahid Rana.