Ultimate magazine theme for WordPress.

BPL ශූරතාවය Fortune Barishal කණ්ඩායමට

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට Fortune Barishal කණ්ඩායම සමත් වුණා.

ඒ, මීර්පූර්හි පැවැති අවසන් මහා තරගයේදී බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කළ Chittagong Kings පරදා කඩුලු තුනක ජයක් හිමි කර ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් Chittagong Kings පිල කඩුලු 3 ක් දැවී ලකුණු 194 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස Barishal කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

තමිම් ඉක්බාල් ලකුණු 54(29) ක් හා ක්යල් මේයර්ස් ලකුණු 46(28) ක් රැස් කළා. පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 4ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් Chittagong පිල නෙුවෙන් Parvez Hossain Emon නොදැවී ලකුණු 78(49) ක් හා Khawaja Nafay ලකුණු 66(44) ක් ලබා ගත්තා. Graham Clark ලකුණු 44(23) යි.