Ultimate magazine theme for WordPress.

2026 ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩා රැසක් ඉවතට

2026 වසරේ දී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හී දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩා රැසක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 23 වැනි අදියරෙන් ඉවත් කර ඇති ක්‍රීඩා අතරට හොකී, බැඩ්මින්ටන්, මල්ලවපොර, සත් සාමාජික රග්බි, මේස පන්දු, ස්කොෂ්, කිමිදුම් (diving), වෙරළ වොලිබෝල්, රිද්මයානුකූල ජිම්නාස්ටික් හා මවුන්ටන් පාපැදි යන ක්‍රීඩා ඇතුළත්.

2022 ක්‍රීඩා උළෙලට ද ඇතුළත්ව නොතිබූ වෙඩි තැබීමේ තරග එළඹෙන තරගාවලියට ද ඇතුළත් කර නැහැ.

ක්‍රිකට් ක්‍රීඩාව 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඇතුළත් කෙරුණේ වසර 24 කට පසුවයි. කෙසේ වෙතත්, අවාසනාවකට යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ඉවත් කර තිබෙනවා.

2028 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව වසර 128 කට පසුව ඇතුළත් කර ඇති පසුබිමක ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඉවත් කිරීම ද විශේෂත්වයක්.

2026 ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා 10 ක් පමණක් ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ක්‍රීඩා උළෙල 2026 වසරේ ජූලි 23 වැනිදා සිට අගෝස්තු දෙවැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම ක්‍රීඩා උළෙල මීට පෙර ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහී දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, දැඩි වියදමක් දැරීමට සිදු වීම හේතුවෙන් එම ප්‍රාන්තයේ බලධාරීන් පසුගිය වසරේ දී තරගාවලියට සත්කාරකත්වය නොදැරීමට තීරණය කළා.

2026 ක්‍රීඩා උළෙලට ඇතුළත් ක්‍රීඩා –

  • Athletics and para athletics
  • Swimming and para swimming
  • Artistic gymnastics
  • Track cycling and para track cycling
  • Netball
  • Weightlifting and para powerlifting
  • Boxing
  • Judo
  • Bowls and para bowls
  • 3×3 basketball and 3×3 wheelchair basketball