Ultimate magazine theme for WordPress.

2025, 2026 හා 2027 IPL තරගාවලියන් පැවැත්වෙන දින අනාවරණය කෙරේ – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැනත් අනාවරණයක්

ඉදිරි වසර තුනට අදාළ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි පැවැත්වෙන දින තරගාවලියේ සංවිධායකයින් විසින් අනාවරණය කර තිබෙනවා. ඒ, කණ්ඩායම් 10 වෙත යොමු කළ ඊ මේල් පණිවිඩයක් මගින්.

ඒ අනුව 2025 අයි.පී.එල් තරගාවලිය මාර්තු 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වෙන බවයි අයි.පී.එල් සංවිධායකයින් සදහන් කළේ.

2026 අදියර පැවැත්වෙන්නේ මාර්තු 15 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වායි.

2027 අයි.පී.එල් තරගාවලිය මාර්තු 14 වැනිදා ආරම්භ වන අතර, මැයි 30 වැනිදා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

පසුගිය තරගාවලි තුනේදී මෙන්ම 2025 තරගාවලිය සදහා ද තරග 74 ක් ඇතුළත්. කෙසේ වෙතත්, 2022 වසරේ දී නිවේදනය කර තිබුණේ 2025 තරගාවලිය සදහා තරග 84 ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවටයි.

2026 අදියර සදහා ද තරග 84 ක් ඇතුළත් කරන බවටත්, 2027 තරගාවලිය සදහා උපරිම වශයෙන් තරග 94 ක් ඇතුළත් කරන බවටත් 2022 වසරේ දී නිවේදනය කර තිබුණා.

මේ අතර, එළඹෙන තරගවාර 3 සදහා ක්‍රීඩා කිරීමට ටෙස්ට් වරම් හිමි රටවල් රැසක ක්‍රිකට් ආයතන විසින් සිය ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සදහන් කර ඇත්තේ සිය ක්‍රීඩකයින්ට 2025 අදියර සදහා සම්පූර්ණයෙන්ම ක්‍රීඩා කිරීමට අවස්ථාව පවතින බවයි.